Monday, 12 October 2020

සිතුවිල්ල

         නිහඩ පෙම්වතිය


එකමත් එක හවසක අපි දෙන්නා
කාටත් හොරා රහසේ පෙම් සුව වින්දා
මතකද උබට මට එක පොරොන්දුවක් උනා
තනි නොකරමි කෙදිනකවත් මගෙ මැනිකා

හදවත පසාරුවෙයි නිතරම ඔබ සිහිවී
එනමුත් දුකක් නැත ඔබ සතුටින් යැයි සිහිවී
මා හැර ගියත් ඔබ වෙත දුක් නොම වේවී
සතුටින් ඉදපන් මැනික යමි ඔබගෙන් වෙන්වී

දෙනෙතින් වැටෙන කදුලැලිවල නිමක් නැති 
දිනයක් නොතිබුනි ඔබ හා එක්වී ඉද්දි
අහන් බැනුම්වල නම් ඉවරයක් නැති
එනමුත් ඉවසුවේ ආලය නිසාවෙනි

ලෝකය ඉදිරියේ උන්නත් හිනාවෙලා
මා පමණකි දන්නේ සිතෙ ඇති සංකා
මගෙ වේදනා පිටතට දෙනු නොහැකි නිසා
තනිවම විදවමි මතකය සිහිකරලා

හීන මැව්වෙ හැමදා ඔබ ලඟ ඉන්න
මා අතහැර ඔබ වෙන තුරුලක ඔන්න
හැමවිට සිතුවෙ සිරාකොක්ක ඔබ වෙන්න
සරසවි මෑණියනි මම තනි වී ඔන්න

තල්වැට දිහා බලන් ඉදිමි අද තනිව
ජිම් කැන්ටිමත් තනි වී දැන් අප නැතිව
මී අඹේ ලඟින් යනවිටදී ඔබෙ සුවඳ
දැනේවි මැනික හැමදාමත් උබෙ දෝණිට

දුක නැත හිතේ කොතැනකවත් ඔබ වෙනුවෙන්
ඇත මට හීන ගොන්නක් මව්පියො වෙනුවෙන්
සැබෑ කරන්නට මම ගත්තෙමි අදිටන්
අරඹමි ජීවිතය අලුතෙන් අදින් පටන්

පද රචනය- ශෂිනි දිල්හාරා









60 comments:

  1. 💛💛💛💛💛 දෝණි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Wow.. That words means a lot❤❤❤ well done girl

    ReplyDelete
  4. ලෝකය ඉදිරියේ උන්නත් හිනාවෙලා
    මා පමණකි දන්නේ සිතෙ ඇති සංකා
    මගෙ වේදනා පිටතට දෙනු නොහැකි නිසා
    තනිවම විදවමි මතකය සිහිකරලා 💔😁 හරියටම කිව්වා

    ReplyDelete
  5. ලස්සනයි ❤️

    ReplyDelete
  6. එලමහ් ශෂි 💪❤️🖤🤗

    ReplyDelete
  7. Nice word combination Continue writing goodluck 👍 ❤

    ReplyDelete
  8. ගොඩක් සංවේදී අදහසක්,මේක කාන්තාවට පමණක් නොව පුරැෂයාටව විවිරණය වැදගත්.ගොඩක් වටිනවා 👌

    ReplyDelete
  9. Niyami shashii lassanai ❤❤

    ReplyDelete
  10. ඒක හරිම ලස්සනයි 😍😍💖💖👌👌

    ReplyDelete
  11. ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  12. Tend to read again n again...never getting fed up🥺❤🖤

    ReplyDelete

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...