දන්න ස්විට්සර්ලන්තයේ නොදන්න දේවල්...
ස්විට්සර්ලන්තය යනු නිදහස අතින් ගත් කල මහජනයාට ජීවත් විය හැකි හොදම පරිසරයක් ඇති රටක් ලෙස හැඳින්විය හැකිය.බොහෝ දෙනා ජීවත් වීමටද කැමති රටක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.ස්විට්සර්ලන්තයේ නීති පද්ධතිය ද එයටම ආවේණික වූ අයුරින් නිර්මාණය වී තිබීම සුවිශේෂී කරුණකි.එය පාලනය කරනු ලබන්නේ දේශපාලන කවුන්සිලක් වීම වැදගත් කරුණකි.මේ රටේ සියලුම පාලන බලය හිමි වන්නෙ මෙකී කවුන්සිලයටයි.වර්තමානයේ මෙහි සභාපතිවරිය වන්නේ සිමොනෙටා සොමරුකා මහත්මියයි.ඇය බර්න් හි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජිකාවකි.ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාව හැදින්වෙන්නේ Direct democracy ව්‍යවස්ථාවක් ලෙසට ය.එනම් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම නීතියක් අභියෝගයට ලක් කර ව්‍යවස්ථාවට සංශෝධන සිදු කළ හැක.අප රටට වඩා වෙනස් නීති පද්ධතියක් ස්විට්සර්ලන්තය සතුව පවතී.ස්විට්සර්ලන්තය එක්සත් සමූහාණ්ඩුවේ ප්‍රාන්ත 26කින් යුක්තය.එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න් ය .එය බටහිර යුරෝපයේ පිහිටා ඇත.2009 Freedom House Report සහ 2019 වාර්තාව අතර බොහෝ වෙනස්කම් පවතී..එය දේශපාලන,ආර්ථික ,සමාජ මේ සෑම අංශයකම වෙනස්කම් බොහෝමයක් වෙනස් ය.ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.ස්විස් රාජ්‍ය සන්ධානම මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු ඉතිහාසයක් ඇත.1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුධමය තත්ත්වයකට නොගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබූ අවසාන රටවලින් එකකි.ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දක්වා දිවයයි.
ජනගහනය:-7,600,000
බටහිර යුරෝපයේ තිබෙන තවත් එක් සුන්දර රටක් ලෙස සිවිට්සර්ලන්තය
හැඳින්විය හැකියි.ඔස්ට්‍රියාව මෙන්ම ස්විට්සර්ලන්තයත් සෑම
දෙසින් ම ගොඩබිමින් ආවරණය වූ සුන්දර ප්රදේශයකි.ප්‍රධාන භාෂාව
වශයෙන් සැලකෙන්නේ ජර්මානු භාෂාවයි.එමෙන් ම ලොව සතුටින්ම සිටින
සිටින තවත් ජාතියක් ලෙස ස්ව්ස් ජනයා අර්ථ ගැන්වේ.ස්විට්සර්ලන්තයේ
ජාතික ධජය සමචතුරස්‍ර හැඩයක් ගන්නා අතර එම හැඩය ඇති අනෙක් එකම කොඩිය වන්නේ වතිකානුවේ
ජාතික කොඩියයි.confoederatio helvetica යනුවෙන්ද ස්විට්සර්ලන්තය
හැදින්වෙන අතර එහි කෙටි යෙදුම (CH) ලෙස හඳුන්වයි.
ලොව සැහැල්ලු ගිනිඅවි
සඳහා ලිහිල්ම නීති පනවා ඇති දේශයක් ලෙස ස්විට්සර්ලන්තය හැඳින්වේ.(දළ වශයෙන් රටේ ජනගහනයෙන් 41%ක් පමණ ගිනිඅවි හිමිකරුවන්) එමෙන් ම ලොව අඩුම අපරාධ
සිදුවන රට ලෙස ද ස්විට්සර්ලන්තය
හැඳින්වේ.ජර්මානු භාෂාවට අමතරව ප්‍රංශ,ඉතාලි,සහ රොමාන්ශ් භාෂාව ද ස්විට්සර්ලන්තයේ
භාවිත වේ.කවුරුත් අසා ඇති ආකාරයට චොක්ලට් යනු ස්ව්ස්හි ප්‍රධානම
අපනයන භාණ්ඩයක් ලෙස සැලකේ.Lindt,toblerone,milka වැනි ප්‍රසිද්ධ
චොක්ලට් වර්ග ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය වන බව කිව හැකිය.කෑමට
ගත හැකි රත්රන් චොක්ලට් වර්ග ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය වේ.එමෙන්ම ඒක පුද්ගල වැඩිම චොක්ලට් පරිභෝජනය ඇත්තේද ස්විට්සර්ලන්තයේයි.එය වසරකට කිලෝග්‍රෑම් 11කි.
න්‍යෂ්ටික ප්‍රහාරයකට
දැනටමත් සූදානම් වී සිටින ස්විට්සර්ලන්තය එයට ඔරොත්තු දෙන බංකර රට තුළ ඉදිකර ඇත්තේ
රටේ මුලු ජනග්රහණයම ආවරණය කරගත හැකි ලෙසටයි.එමෙන් ම යුධමය අවස්ථවකදී ඔවුන්ගේ
අධිවේගී මාර්ග වෙන්කර ඇති rails ගැලවිය හැකි ලෙස ඉදිකර ඇත්තේ
ඕනෑම ආකාරයක ගුවන් යානාවක් ගොඩබැස්විය හැකි ආකාරයටයි.ස්විට්සර්ලන්තය
තමන්ගේ රටේ ආරක්ෂාව පිළිබඳ ඉමහත් සැලකිල්ලක්
දක්වන රටකි.රටවට ඇති කඳු අතර මාර්ග සහ රට තුළට පිවිසිය හැකි සියළුම මාර්ග ඔවුන් පරිගනක ගත කොට ඇත්තේ හදිසි අවස්ථාවකදී එම කඳු පුපුරා දමා මාර්ග අවහිර කර ආක්‍රමණිකයන් රට තුළට ඒම අඩාල කිරීමටයි.
ස්විට්සර්ලන්තය ලෝකයේ
ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වන දළ ජාතික නිෂ්පාදිතය (GDP) ඇ.ඩො.67.384කි.සුරික හා ජිනීවා යනු ජීවන මට්ටම අනුව ලෝකයේ
2වන හා 3වන ඉහළ ම අගය වාර්තා කරයි.ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර ලෝක ආර්ථික සංසදය
,අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ,රතු කුරුස
සංවිධානය , ලෝක වෙළද සංගමය හා එක්සත් ජාතීන්ගේ 2වන විශාලතම කාර්යාලය වේ.යුරෝපානු මට්ටමින් එය යුරෝපියානු නිදහස් වෙළද සංගමය නිර්මාතෘ වන අතර ශෙන්ගන්
සම්මුතියේ කොටස්කරුවෙකි.එහි ජර්මන්,ප්‍රංශ හා ඉතාලි යන ප්‍රධාන භාෂා හා සංස්කෘතිමය ප්‍රදේශ 3කින් සමන්විත වේ.එබැවින් එය ස්වදේශීය හා භාෂාමය
අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යක් නොවන්නේ ය.
එමෙන් ම වයස අවුරුදු 18 සපිරුණු පසු පිරිමි පාර්ශවයකට හමුදා සේවය අනිවාර්ය බව පැවසෙයි.පුහුණුවෙන් පසුව සෑම කෙනෙක්ම තම අවි ආයුධ ලෑස්ති පිට තබාගත යුත්තේ හදිසි අවස්ථාවකට මුහුණදීමට ය.එමෙන් ම ග්‍රාමිය පැතිවල මෙන්ම පිටතට නොපෙනෙන පරිදි ආයුධ ගබඩා පවත්වාගෙන යයි.මාර්ගයේ ලියැවෙන ‘දඩ’ අය් කෙරෙන්නේ ආදායම අනුවය.දැනගැනීමට ඇති පරිදි එය වාර්ශික ආදායමෙන් 25%කි.සූරිච් නගරයේ අලංකෘත වතුරමල් (උල්පත්) 1200ක් පමණ ඇත.ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ ප්‍රසිද්ධ සූත්‍රය සොයාගත්තේද බර්න් නගරයේ ඉගෙනගනිමින් සිටියදීය.ලොව දිගම බිංගෙය පිහිටා ඇත්තේ ද ස්විට්සර්ලන්තයේ වන අතර ඇල්ප්ස් කඳුවලට කි.මි.2.3ක් යටින් වන අතර ඉංග්‍රීසි චැනලයට වඩා කි.මි.7ක් දිගින් වැඩිය.සුරතල් සතුන් වන guinea pig,mouse,ferrest,fish canary,pig වැනි සතුන් එකෙකු පමණක් ඇති කිරීමට ස්විට්සර්ලන්තයේ නීතියෙන් අවසර නැත.යුගල වශයෙන් ඇති කළ යුතු අතර එක් සත්වයෙක් පමණක් තබාගැනීම ඔවුන් සලකන්නේ සතුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස සැලකේ.එමෙන්ම බල්ලන් සඳහා බද්දක් පැනවෙන අතර බල්ලාගේ විශාලත්වය සහ බර අනුව එය වෙනස් වේ.
Veleuble
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteGOOD 👍
ReplyDeleteSuper 👍
ReplyDelete👍
ReplyDelete👍👍👍
ReplyDeleteවටින ලිපියක්👍
ReplyDelete👍👍
ReplyDelete☺️👍
ReplyDelete☺️👍
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeleteBest👌👌👌
ReplyDelete❤Nicest sightseeings though with high tax rates
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteSuperb
ReplyDelete