වැලන්ටයින් සැබෑ සැමරුම
රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා වෛද්‍යවරයකු ලෙසත් ඉතිහාසයෙ හඳුන් වනව. ක්‍රි.ව. 270 කාලෙ රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ පාලන සමයේ දී තරුණ තරුණියන්ගේ විවාහයට බාධා තිබුනු කාලයක්. කෲර පාලකයෙකු වූ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයා අසල්වාසී රටවල් දිනා ගැනීමේ හා වරින් වර පැමිණි සතුරු කැරලි මර්දනය කිරීමේ නියැලී සිටිය. එනිසා ඔහුට විශාල යුධ හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍ය වුනා. එහෙත් සාධාරණයක් නොදුටු යුධ වැදීම් හමුවේ තම ජීවිත පිදීමට අකමැති වූ රෝමානු තරුණ පිරිස් මේ ඒකාධිපති පාලකයගෙ හමුදාවට එකතු වීමෙන් වැළකී සිටිය. රෝමානු උත්සවයක දී තරුණ යුවල් හා විවාහකයන් එකිනෙකා ආදරයෙන් හා සතුටින් කාලය ගෙවන අයුරු දුටු දෙවන ක්ලෝඩියස් කියන මේ පාලකය තම යුධ හමුදාවට බැඳීමට ඔවුන් ඉදිරිපත් නොවීමට හේතුව ප්‍රේම සම්බන්ධතා හා තම පවුල් අත්හැර ඒමට තිබෙන අකමැත්ත හැටියටයි තේරුම් ගත්තෙ. මේ හේතුවෙන් ක්ලෝඩියස් ආඥාවක් නිකුත් කරනවා රෝමයේ සිටි සියලු තරුණයන් යුධ හමුදාවට බැඳිය යුතු බව හා විවාහය ඔවුනට තහනම් කියල. අපි කතා කරන මේ ආදරවන්තයින්ගේ දිනයට හේතු වුනු වැලන්ටයින් කියන පූජක තුමන් මෙම ආඥාවේ දුෂ්ඨකමට එරෙහිව නිර්භයව පියවරක් ගන්නව. රාජ ආඥාව බිය නොවුනු වැලන්ටයින් පූජක තුමන් යුධ හුමදාවට බැඳී සිටි තරුණ සෙබළුන්ව හා වෙනත් පුද්ගලයන්ව ඉතා රහසිගතව විවාහ කරවන්න පියවර ගන්නව. විශේෂයෙන් මෙවැනි එඩිතර නිදහස් තීන්දුවක් ගන්නෙ ක්ලෝඩියස් පාලකයා තුල තිබූ යුධ උමතුවට එරෙහිවයි. අසල් වැසි රටවල් යටත් කිරීම යනු අනිසි යුධ ගැටුම් හැටියටයි වැලන්ටයින් පූජකවරයා පැවසුවෙ.
රජුගෙ මේ අසාධාරණ තීන්දුවට විරුද්ධව මේ කාලෙ පොළොව යට තනා තිබුනු කිතුනු ජනවන්දනා රැස්වීම් පැවැත්වූ බිම් ගෙවල් හා ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ මෘත ශරීර මිහිදන් කර තිබූ උමං සොහොන් ගෙවල් කිතුනු විවාහ මංගල චාරිත්‍ර පැවැත්වීමට යොදා ගැණුන. යුධ සේවයේ යෙදී සිටි තරුණ සෙබළුන් තම භාර්යාවන්ගේ දුක සැප බැලීමට රහසින් යාමත්, රෝම පුරවරය තුළ විවාහය තහනම් කර තිබුනත් ගැබිනි මව්වරුන් දක්නට ලැබීමත් හේතුවෙන් සුපරීක්ෂාකාරී වුනු ක්ලෝඩියස් රජු චරපුරුෂයන් මගින් මේ පිළිබඳව සොයා බලමින් හිටිය. එක්තරා දිනයක උමං සොහොනක විවාහයක් සිදු කරමින් සිටිය දී වැලන්ටයින්තුමාව අත්අඩංගුවට පත් වුනා. දැඩි වධ හිංසාවන්ට හා නින්දා අපහාසයන්ට ලක් වූ එතුමාව දම්වැල් ලා සිර ගත කලා. මේ ගැන ශෝකයට පත් කිතුනු බැතිමතුන් හා විවාහකයෝ තම ප්‍රේමය හා ගෞරවය පළ කරමින් විවිධ පණිවුඩ හා රෝස මල් කිතුනු සෙබළුන් අත එතුමා වෙත එවූහ. මේ අතරතුර තම සිරගෙදර සිටි ප්‍රධානියා සමග මිත්‍රත්වයක් ඇති කර ගත් වැලන්ටයින් පූජක තුමන් සිරගෙදර ප්‍රධානියාගේ තරුණ දියණියව හමුදා සෙබළෙකුට සිරගෙදර සිටිය දීම විවාහ කරවීමට තරම් සමත් වුනා. මේ විවාහ මංගල්‍යයෙන් පස්සෙ සිරගෙදර සිටම පෙර පරිදිම තරුණ තරුණියන් එක් කොට ඔවුනොවුන් අතරේ ආදර සබඳතා වෙනුවෙන් වැලන්ටයින් තුමා උපකාර කරන්නට වුනා.
සිරගෙදර ප්‍රධානියාගේ දියණිය මෙම කාර්යයෙහි ප්‍රධාන මැදහත්කාරිය වුනා. ඇය නිතර සිරගෙට පැමිණ වැලන්ටයින්තුමාගේ දුක සැප සොයා බැලීමත් එක්ක මෙය තව දුරටත් රහසක් ලෙසින් පැවතුනේ නැහ. රෝම පාලක ක්ලෝඩියස් රජුගේ චරපුරුෂයන් මේ බව දැනගන්නව. මහත් සේ උරණ වූ රජු ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 දා මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ විනෝද උත්සවයක් වූ “ලුපර්කාලියා” පවත්වන දිනයෙදි වැලන්ටයින් පූජකවරයාගෙ ගෙළ සිඳ මරා දැමීමට නියම කරනව. තම මරණයට පෙර කුඩා පැපිරස් පතක සිරගෙදර ප්‍රධානියාගේ දියණියට කුඩා ලිපියක් ලියා තබා, ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් වැලන්ටයින් පූජක තුමන් මරණයට මුහුණ දුන්න. එම හසුන එතුමා අවසන් කර ඇත්තේ, “ඔබගේ වැලන්ටයින් ගෙනි” [“From Your Valentine”] යනුවෙනි. වැලන්ටයින් දිනයේ දී ආදරවන්තයන් අතර සුභ පැතුම් හා ලිපි හුවමාරුව ඇති වුනු ඉතිහාස කතාව ඇරඹෙන්නෙ මෙතැන් සිටයි. එතුමාගේ උදාර ජීවිත පූජාව උත්තරීතර විවාහය හා නිර්මල වෛවාහික ප්‍රේමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු වුනු එකක් හැටියටයි පිලිගන්නෙ. පසු කලක ක්‍රිස්තු වර්ෂ 496 දී ග්ලාසියුස් පාප්තුමා [Pope Gelasius] වලැන්ටයින්තුමාව සාන්තුවරයට ඔසවා පෙබරවාරි 14 දිනය සාන්ත වැලන්ටයින් මංගල්‍ය දිනය ලෙස නම් කරනවා.
වර්තමානයේ මේ වැලන්ටයින් දිනය වෙළද අරමුණු කා වද්දා හුදු ප්‍රචාරණ විදීන් විවිධාංගීකරණය කොට වෙළදපොළ තුල සුනු විසුනු කොට තිබුනත් එය ආදරය ප්‍රේමය සංකේතවත් වන දිනයක් වීම ඓතිහාසික වටිනා කමක් ලෙස සැලකිය හැකිය.
Lassanai 👍
ReplyDeleteNiyamay 🥰
ReplyDeleteGood
ReplyDeleteLassanai
ReplyDeleteGood job
ReplyDeleteවටින අදහසක්
ReplyDeleteVeleuble
ReplyDeleteGreat🎉️🎉️😍
ReplyDeleteBest...👌👌👌❤️❤️
ReplyDeleteGrate.. nice job. ❤💪
ReplyDeleteGreat 💛🍂
ReplyDeleteBest
ReplyDeleteGood 👍👍
ReplyDeleteSuper 👍
ReplyDelete👍👍
ReplyDelete💛💛💛
ReplyDelete❤❤❤❤
ReplyDelete👌
ReplyDelete💯❤
ReplyDelete