Friday, 5 February 2021

පැකාල් රජ්ජුරුවෝ

 මායා ලොව රජු.....



7 වෙනි ශතවර්ෂයේ දියුණු වූ ශ්‍රේෂ්ඨ මායා නගරයක් බවට පත්වුයේ පැලැන්කේ නගරයයි .පහත් බිම් ප්‍රදේශයේ පිහිටි මේ නගරයේ පාලන කටයුතු සිදු කළේ පැකාල් නමැති රජුයි.පැකාල් ශ්‍රේෂ්ඨ රජෙකු ලෙස ද ප්‍රසිද්ධ වී තිබේ.රජු නගරයේ විශාල මාලිගාවක් සහ පිරමීඩ දේවාල 7ක් ඉදිකරවා තිබේ.අදටත් ඒවගේ නටබුන් අපට දැකගත හැකිය.පැකාල් රජු පැලැන්කේ නගරය වටා පිහිටි ජනපද හා රාජ්‍යවල තම බලය තහවුරු කරගනු ලැබුවේ හමුදා ආක්‍රමණ මඟින් සහ විවාහ සම්බන්ධතා මඟිනි.පුරාණ පිටසක්වල  ජීවින් ගැන මත පළකරන විද්‍යාඥයන් පවසන ආකාරයට ,මායාවරුන්ගේ පැලැන්කේ පුරාවිද්‍යාත්මක භූමිය සුවිශේෂී වේ.අද මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස පිළිගනී.වසර ගණනාවක් අමතක වී ගොස් තිබූ මෙම දේවාලය සොයා ගනු ලැබුවේ ස්පාඤ්ඤ ගවේෂකයන් විසිනි.මෙහි ඇති එක් පුරාණ පිරමීඩයක් යට සොහොන් ගැබක් සැඟවී තිබී විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබීය.මේ සොහොන් ගැබේ ගලින් නිර්මාණය කළ කැටයම් හා ච්ත්‍රවලින් අලංකාර කළ මිනි පෙට්ටියක් සොයාගන්නා ලදී.මෙහි මිහිදන් කර ඇත්තේ 'පැකාල් ද ග්‍රේට්' නොහොත් මහා පැකාල් රජුයි.

පැකාල් රජුගේ අභිරහස

පැකාල් රජු 7 වන සියවසේ පාලකයා ලෙස කටයුතු කළේය.මොහු මිය යනු ලැබුවේ පැලැන්කේවලය.ඔහු මිහිදන් කර තිබුණේ මේ ස්ථානයේයි.ඔහු එක්තරා ආකාරයක අබිරහස් මායාවරුන්ගේ නායකයකු,එසේත් නැත්තම් රජෙකු ලෙස ඉතිහාසයට එක් වී තිබේ.ඔහු අසි 8ක් උස යෝධයෙකු බව් කිව හැකිය.ඔහුගේ සොහොන් ගැබ වට කර පැරැන්නෝ මහා පිරමීඩය නිර්මාණය කළේය.මායාවරුන් කිසියම් ආකාරයක දෙවියකු ලෙස සලකා ඔහුට වැදුම් පිඳුම් කලේය.මායාවරුන්ගේ චිත්‍ර හා කැටයම්වලින් ගලින් නිර්මාණය කළ සොහොන් පෙට්ටිය හැඩ ගැන්වී තිබේ.එහි ඇති චිත්‍රවලින් පෙනෙන්නේ පැකාල් මායාවරුන්ගේ පොළොව යට ඇති මළවුන්ගේ ලොවට යන අයුරු කියාය.නමුත් පිටසක්වල ජීවින් ගැන විශ්වාස කරන ඇතැමුන් පැකාල් සිටින එම චිත්‍රය අර්ථ නිරූපණය කරන්නේ වෙනස් ආකාරයටයි.ඔවුන් පවසන්නේ එයින් නිරූපණය කරන්නේ ගගන කැප්සියුලයක ගුළි වී සිටින ගගනගාමියෙක් කියාය.කැප්සියුලය නොහොත් ගගන යානාව පදවන උපකරණ ,ඔක්සිජන් ටැංකි ,යානාවේ පසුපස ගින්දර පිටවන  අයුරු ආදී සෑම දෙයක් ම මේ චිත්‍රයේ දක්නට ලැබේ.චිත්‍රයට අනුව පැකාල් එක් අතකින් යානාවෙව් ලීවර එහා මෙහා කරමින් පදවයි.අනෙක් අතින් යතුරු පුවරුවක් ක්‍රියා කරවයි.ඔහුගේ පාද කිසියම් පැඩලයකට සම්බන්ධ වී තිබේ වර්තමානයේ අපේ ගගනගාමින් ගගන ඇදුමින් සැරසී රොකට්ටුවක හෝ ගගන කැප්සියුලයක නැගී ගමන් ගන්නා ආකාරය මේ චිත්‍රය හා සසඳා බලන විට  සමානකම් පෙනෙන්නට තිබේ.පැකාල් යනු නිකම් ම  නිකම් මායා රජ කෙනෙක්ද? නැතිනම් ඔහු දුර ඈත දේශයකින් පැමිණි විශේෂ අමුත්තෙක්ද?එහෙමත් නැත්තන් පිටසකවලින් ආ අමුත්තෙක්ද?මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තවමත් ලැබී නොමැත.



10 comments:

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...