රටක සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරන වැඩ වර්ජන
දුරාතිතයේ සිට අතලොස්සක් වූ ධනපති පන්තිය නිර්ධන ලෙස කම්කරු ශ්‍රමය සූරා කමින් තම අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගත් හ.ඊට එරෙහිව ඇමරිකාවේ චිකාගෝ නගරයද රැස් වූ කම්කරුවෝ දහස් ගණනින් කම්කරු අයිතීන් වෙනුවෙන් නැගී සිටියහ.එහි ප්‍රතිඵලය කම්කරු අයිතීන් දිනාගැනීම වේ.මැයි පලවෙනි දින ලෝක කම්කරු දිනය බවට පත්වෙන්නේ කම්කරු සටන්වල ප්‍රතිඵලයක් ලෙසිනි.එසේනම් සංවිධානය වූ සේවක පිරිස තමාට නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව සිටීම එතුළින් තමා සේවය කරන ක්ෂේත්රයේ වැඩ කටයුතු අඩපණ කිරීම වැඩ වර්ජන නමින් හඳුන්වයි.වැඩවර්ජන වූ කලී කම්කරු අයිතිවාසිකමකි.එබැවින් ඇතැමෙක් කෑම පැය උපයෝගි කරගෙන වැඩ වර්ජනයන්හි නියැලෙති.එමගින් ඔවුනට බාධාවක් නොවුනත් අනෙකුත් ජනතාවට එමගින් බාධා තත්ත්වයන් ඇතිවේ.ඇතැම් වෘත්තිකයෝ සංකේත වැඩ වර්ජනවල නියැලෙති .ඇතැමෙක් ඉල්ලීම් දිනාගන්නා තුරු වැඩ වරති.වැඩ වර්ජනවලට යොමුවීමට බලපාන හේතු බොහෝය.ආයතන ප්‍රධානියා සමඟ ඇතිකරගන්නා පෞද්ගලික ආරවුලක් මත අන් සේවකයින් උසිගන්වා වැඩ වර්ජනවලට කිසිවෙකු යොමු විය හැකිය.එහෙත් පොදු ප්‍රශ්න මූලික කරගෙන වැඩ වර්ජන කරති.සේවක අර්ථසාධකය ආරක්ෂා කරගැනීම හෝ වැඩි කරගැනිම ,විශ්‍රාම වැටුප් මූලික වීම,වැටුප් තල ඉහළ නංවා ගැනීම ,සේවාකාල නීර්ණය ව්‍යාපාර හිමියන්ගෙන් ඇතිවන පීඩනය අවම කරගැනීම,වෛද්‍ය පහසුකම් සහ අනතුරුවලදී ලැබිය යුතු වන්දි මුදල අරඹයා සමහරු වැඩවර්ජනය කරති.දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් තල වර්ධනය හේතුවෙන් බොහෝවිට කම්කරුවෝ වැඩ වර්ජනය කරති.සමහරක් දේශපාලකයන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා දේශපාලන උසිගැන්වීම මත වැඩ වර්ජන ක්‍රියාත්මක වීම මෑතකාලයේදී දක්නට ලැබෙන එක් ප්රවණතාවකි.
වැඩවර්ජන කම්කරු අයිතියක් බව අවිවාදිතය.වැඩ වර්ජනයක් හේතුවෙන් කිසියම් ව්‍යාපාරික ආයතනයක්,රටක්(ආණ්ඩුවක්) පෙරලා දැමීමට වුව ද බලය ඇත.ව්‍යාපාරික කටයුතු,අත්‍යවශ්‍ය සේවා අඩපණ කරන වැඩ වර්ජන රටක බලගතු දේශපාලන ආයුධයකි.
විදේශ ආයෝජකයෝ මෙරටට පැමිණෙති ඔවුන්ගේ අපේක්ෂාව රටේ අසිරිය නැරඹීම නොවේ.ආර්ථිකය තර කර ගැනීමයි.වැඩ වර්ජන හේතුවෙන් ආනයන අපනයන කටයුතු බිද වැටේ.පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම අක්‍රමවත් වේ.ගමනාගමනය,පණිවිඩ සේව,විදුලිය,ජලය,කුණුකසල ඉවත් කිරීම ආදී සේවා බිඳ වැටේ.රෝහල් වෛද්‍යවරු ,හෙද හෝ කාර්ය මණ්ඩලයෙහි වැඩවර්ජන හේතුවෙන් රෝගීනට ඇතිවන බලපෑම මුදලින් තක්සේරු කළ නොහැක.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ජීවත් වීමේ අයිතිය පිළිගෙන ඇත.වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමෙන් මිනිසාගේ ජීවත්වීමේ අයිතියද ප්‍රබල බලපෑමක් ඇති කරයි.මෙය නීතිමය ගැටලුවකි.
රටක සංවර්ධනයක් වැඩ වර්ජනයත් අතර ඇති සම්බන්දය අභේද්‍ය එකකි.විදේශීය ආයෝජකයෝ මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටිති.එහෙත් දිගින් දිගටම සිදුවන වැඩවර්ජන රැල්ලක් අද දක්නට ලැබේ.වර්ශයකට අනිවාර්යෙන්ම වැඩ වර්ජන කිහිපයක්ම දක්නට ලැබේ.එහෙයින් ආයෝජකයෝ නොපැමිණෙති.රටට ලැබෙන්නට ඇති දේවල් නොලැබෙන තත්ත්වයන් ද ඇති වේ.මෙය ආර්ථිකයට මරු පහරකි. ඔවුන් මෙන්ම අනෙකාද දැඩි අපහසුතාවයට ලක්වන බව අවිවාදීය කරුණකි.දිගින් දිගටම වැඩවර්ජන කිරීම රටක කීර්ති නාමයටද හානියකි.ජාතික නිෂ්පාදනයට,විදේශ වෙළදාමට ඉතා සරලව කිවහොත් රටේ සංවර්ධනයට වැඩ වර්ජන හානියකි.සමහරක් වැඩ වර්ජන මුවාවෙන් දේපල හානි කිරීම සහ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදෙති.
වැඩවර්ජන මූලික කම්කරු අයිතිවාසිකමක් බව අපි පිළිගනිමු.එබැවින් රජයක් කම්කරු මර්ධන නීති නොපැනවිය යුතුය.කම්කරුවන්ගේ හඩට ඇහුම්කන් දිය යුතුය.වෘත්තීය සමිති නායකයන් මස් රාත්තල ඉල්ලන්නාක් මෙන් ක්‍රියා නොකළ යුතුය.එසේ වූ විට කමකරු අයිතීන් සුරැකෙන ගමන් මග වේගවත් කරන සැබැවින්ම සුබවාදී අනාගතයකට මංපෙත් විවරවනු ඇත.
Great one ❤️🥂
ReplyDeleteBest article 👍
ReplyDeleteඇත්තටම වටිනවා👍👍
ReplyDelete👍👍
ReplyDelete❤️
ReplyDeleteHoda adahasak
ReplyDeleteවටින අදහසක්👌👍👍
ReplyDeleteවටිනවා ❤
ReplyDeleteවටිනවා ගොඩාක්
ReplyDeleteවටිනවා..👌
ReplyDeleteGood article 👍
ReplyDeleteNiyamai❤
ReplyDeleteGood job
ReplyDeleteGood
ReplyDeleteInterest 👍
ReplyDeletePoint out about a Contemporary social issue. Great work shashini❤❤
ReplyDeleteGood job
ReplyDeleteGreat❤️
ReplyDelete❤️ great work❤️
ReplyDelete🖤🖤
ReplyDelete👍
ReplyDelete🔥
ReplyDelete👌👌
ReplyDelete👌👌
ReplyDelete👌👌
ReplyDeleteGodak watinawa
ReplyDeleteවැදගත්
ReplyDeleteBest
ReplyDelete❤❤
ReplyDeleteGood luck ❤ 🔥
ReplyDeleteකාලීනයි❤️
ReplyDelete❤🔥
ReplyDelete💛💛💛
ReplyDelete😍
ReplyDeleteNice
ReplyDeleteIt's really an important article..
ReplyDelete👍
ReplyDelete👌👌👌
ReplyDeleteනියමයි සසී⭐💜
ReplyDelete👍👍
ReplyDeleteGreat
ReplyDeleteGreat work
ReplyDeleteGood job 👌👌
ReplyDeleteGood
ReplyDeleteGreat
ReplyDeletesuper
ReplyDeleteGreat 💪💪
ReplyDelete❤️❤️
ReplyDeleteNice
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat ❤️✨
ReplyDeleteGreat article
ReplyDelete❤️
ReplyDelete💖💖💖💖💖
ReplyDelete❤🖤
ReplyDeleteමරු සෑහෙන්න වටිනවා ❤
ReplyDeleteMaru 👌
ReplyDeleteGet new knowledge from it.
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGreat 💖
ReplyDeleteGreat 🤩
ReplyDeleteGreat 👌❤️
ReplyDelete