Monday, 18 January 2021

කොරෝනා කාලේ විභාගේ



වෙනද වගෙ හිරු පෑයුවට

ගමට ඉර එළි වැටුනට

යන්න බෑනේ එලියට

ලෙඩෙක් ඇවිදින් ගොදුරට


මාස්ක් දාලා හැමෝම

යනවා එලියේ ඔක්කොම

කොහොම හිටි අපිටද

මෙහෙම වෙන්නෙ දෛවෙට


එකම තැන අපි හිරවෙලා

මනස හොදටම වෙහෙසිලා

ස්ක්‍රීන් එක දිහා බලලම

ඇස්පෙනීමත් අඩුවෙලා


අන්න ඒ මැද විභාගේ

ඇවිත් එකපිට සෙම් දෙකක්

ඒක ලියන්නම වෙනවනේ

මීටරේ පරතරේ තියන්


කොරෝනා නිසා කාලේ

යවාගන්නට හොද නෑනේ 

කොහොමහරි මේ ප්‍රශ්නේ

විසදගන්නට ඕනෑනේ


හිතට ධෛරිය අරන්

මුහුණ දෙමු මේවට තුටින්

කොහෙවත් යන කොරෝනාවට

යටත් නොකරමු අපේ යුතුකම්


හීන හමුවේ හඹායන

ඔබ මම අපි හැමෝටම

අභියෝග හමුවේ නොසැලෙන්නට

සැමට ශක්තිය ලැබේවා!


✍️ ශෂිනි දිල්හාරා 


18 comments:

  1. ❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. නැතිවූ..හිතවත්කම් නිවෙස්වල
    ඇතිකොරෝනා
    තනිවූ....යාලුකම් තව තව
    සුන්කොරෝනා
    හැඩවූ...දිනෙත් exam බව
    සිහිකොරෝනා
    විසිවූ...කොලකෑලී අයෙම එක්කොරෝනා...

    ReplyDelete

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...