ඇම්බැක්කේ දේවාලය
මධ්‍යම පළාතේ ඓතිහාසික උරුමයන් රාශියක් ඇත.ඒ අතරින් ඇම්බැක්ක දේනාලය සුවිශේෂි තැනක් ගනී.මෙහි ඇති පුරාවිද්‍යාත්මක,කලාත්මක වටිනාකම් බොහෝය.ක්‍රි.ව 1357-1374 කාලයේ ගම්පොල රාජධානියේ රජ කළ 3 වන ව්ක්රමබාහු රජතුමා විසින් මෙම දේවාලය ඉදිකල බවට ඉතිහාසයේ සදහන් වේ.වෙල් යායක් අසබඩ ගල් තලාවක් මත පිහිටා ඇති මෙය කන්ද උඩරට ශ්‍රී විභූතිය පාන උරුමයකි.
පේරාදෙණියට සැතපුම් 8ක් පමණ ඈතින් පිහිටි දවුලගල නම් ගමේ සිට සැතපුම් භාගයක් පමණ ගිය විට ,ගම්හත දක්වා විහිදෙන මහාමාර්ගයේ දකුණුපස ඇති වෙල්යායේ අසබඩ ඇම්බැක්කය නම් ගමේ දේවාලය පිහිටා ඇත. කදකුමරුන් අරක් ගත් ,නොයෙක් හාස්කම් පාන තැනක් ලෙස ද මෙය පිළිගෙන ඇත.ගම්පොල රාජධානි සමයට අයත් මෙය හෙළකැටයම්,චිත්‍ර කලාවෙන් යුක්ත ඉපැරණි දේවාලයක් ලෙස සදහන් කළ හැකිය.
ඇම්බැක්ක දේවාලයේ ඓතිහාසික කතා පුවත
“මෙලෙසින් දෙවියන් හට
මුළුතැන් බා
නිරිදුන්හට සැල කළෝ
විකුම් බා
එවදන් සා රජතුම විය
පෙම් බා
මැතියන් සැම දෙන කරමින්
සම් බා ”
(ඇම්බැක්කේ වර්ණනාව
26 කවිය)
පුරාවිද්‍යාත්මක වැදගත්කම්
ගෘහ නිර්මාණ ශිල්පය
ගම්පොල යුගයේ ගෘහ නිර්මාණ සම්ප්රදායේ ප්‍රෞඩත්වයේ
වැදගත් කලා කෘතියක් ලෙස ඇම්බැක්කේ දේවාලය හැදින්විය හැකියි.මහනුවර කාලයට අයත් කලා
කෘති අතර ද මේ තරම් සීග්‍ර දැව කර්මාන්තයක් සොයාගත නොහැකි වන්නේ මෙහි ගෘහ
නිර්මාණයේදි භාවිත වී තිබෙන ලී කැටයම් නිසා ය.
පුරාණ විහාර සිතියමක භූමි සැලැස්ම පිළියෙල කිරීමේදි බොහෝවිට විහාර ගෙයට නුදුරින් දේවාලයක් ද ඉදිකිරිම චිරාගත සම්ප්රදායකි.ඇම්බැක්ක දේවාලය ප්‍රධාන ගොඩනැගිලි අටකින් සමන්විත ය.දේවාල මළුවෙන් පිට රිට්ටාගෙය හෙවත් සිංහාසන මණ්ඩපය පිහිටා තිබේ.අනෙක් ගොඩනැගිලි හත ම දේවාල මළුව තුළ දක්නට ඇත.මේ අතරින් මහා දේවාලය පිහිටි ගොඩනැගිල්ල ප්‍රධාන ගොඩනැගිල්ලයි.මේ කොටස වැටසිටින පිළිමගෙය හෙවත් දික්ගෙය නමින් හදුන්වයි.දෙවියන් වැඩසිටින ගර්භය මාළිගාව වන අතර එය සම්බන්ධ කොට ඉදිරියට නෙරා ඇති දිගටි හතරැස් ගොඩනැගිල්ල කොටස් 4කින් සමන්විත ය.ඒවා නම්,
1. දික්ගෙය හා පිරිත් ගෙය
2. මැද දික්ගෙය
3. සඳුන් කුඩාම
4. හේවිසි මණ්ඩපය
දේවාලයට ඇතුල්වන ස්ථානයේ වාහල්කඩ නම් වූ ගොඩනැගිල්ලක් වන අතර එහි අලංකාර කණු දහයක් තිබේ.ප්‍රධාන ගොඩනැගිල්ල වන දික්ගෙහි ලී කණු 32ක් දක්නට ලැබේ.හේවිසි මණ්ඩපය කණු 32කින් යුක්තය.එහි දාග අඩි 52ක් වන අතර පළල අඩි 25කි.දැවමය ලී කණුවල ඇති අලංකාර ලී කැටයම් වලින් ද,ඉතා උස්ව පිහිටි වහලින් ද යුතු දික්ගෙය නරඹන්නන්ගේ ආකර්ශණය අනිවාර්යයෙන් ම දිනාගන්නා අංගයකි.
මහා දේවාලය
මැද පිහිටි මහා දේවාලය හෙවත් වැඩ සිටින මාළිගය ලෙසින් හැදින්වෙන ගර්භගෘහය දෙමහල් වන සේ තනා ඇත.මුදුන් වහලය පියස්සකින් ආවරණය කර ඇත.පහත මාලයේ බිත්ති ආවරණය වීම සඳහා සතර පැත්තෙන් පියසි කොන් යොදා ඇත.පහත මාලයෙන් මුදුන් මාලය වෙන් කරනුයේ ලොකු දාදු කැටයක් මත ඊට ප්‍රමාණයෙන් කුඩා වූ දාදු කැටයක් තැබූ ආකාරයෙනි.මුදුන් මහලේ බිත්ති සතර වටා ඉදි වූ කණු මත මුදුන් පියස්ස නංවා ඇත.සතර වටේට දේවරූප සතරක් සවිකළ කොතක් මුදුන් පියස්ස මත රදවා ඇත.
දිග්ගෙය
මෙය හේවිසි මඩුව
යන නමින් ද හදුන්වනු ලැබේ.හුණු මැටියෙන් කළ දෙව් මැදුරට යාබදව මෙම දැව කණු ශාලාව
පිහිටා ඇත.මෙම දෙවොල ලී කැටයම් අතින් පමණක් නොව ලීයෙන් කළ දේවාලයේ පියස්ස
විශ්වකර්ම නිර්මාණයක සේ සළකා එහි අගය වැඩි වී ඇත.ඉක්මනින් වැසිවතුර ගලා යන ලෙස තනා
ඇති වහල සෙවිලි කිරීමට භාවිත කර ඇත්තේ “පෙති උළු”නමින් හැදින්වෙන විශේෂ උළු
වර්ගයකි.වේයන්ගෙන් ආරක්ෂා වීම සදහා මෙම දිග්ගෙය අඩි දෙකහමාරක් පමණ උස් වූ
අඩිතාලමක් මත තනා ඇත.මෙහි කැටයම් කණු 32ක් ඇත.
ඇම්බැක්ක දේවාලයේ කණු සඳහා යොදාගෙන ඇත්තේ ඉතාම දුර්ලභ ලී වර්ගයක් වන ‘ගම්මාලු ලී’වර්ගයයි.මෙහි කුළුණු විවිධාකාර කැටයම්වලින් අලංකාර වී තිබේ.කුළුණු හිසෙහි මුතුදැල් මෝස්තරයක් ද ,කුළුණු පාද අටපට්ටම් හෝ චතුරශ්‍රය පෙන්වන තැන නාගබන්ධන හෝ ගැටලියපත් මෝස්තරය හදුනාගත හැකිය.ඇම්බැක්කෙ හේවිසි මඩුවෙහි පේකඩ මත නැංවූ තලාඳ වල ද කැටයම් වැලකි.
වාහල්කඩ
දික්ගෙයට මඳක් ඈතින්
පිහිටා ඇති මෙය එක් මඩුලු සෙවණිය සහිත සිව්රැස් වාහල්කඩයකි.මෙම වාහල්කඩ චතුරශ්රාකාර
හැඩයකින් යුතු ගොඩනැගිල්ලකි.මනහර කැටයමින් දැවකණු දහයක් මත තනා ඇති මෙම වාහල්කඩයේ
පියස්ස ඇතුළුව මුදුන් වහල කේතු ආකාර හැඩයෙන් යුක්තය.මෙහි ද දිග්ගෙයහි මෙන්
ඉක්මනින් වැසි දිය බැස යන ආකාරයෙන් වහල තනා ඇති අතර වහල සෙවිලි කිරීමට පෙතිඋළු
භාවිත කර තිබේ.
දේවාලයට සම්බන්ධ අනෙකුත් ගොඩනැගිල
දේවාලයට වම් පසින් පිහිටි වී අටුව,අනෙකුත් ගොඩනැගිලි අතරින් විශේෂ ස්ථානයක් ගනී.ශ්‍රී වික්‍රම රජ සමයේදි ඉදිකරන ලද මෙම වී අටුව අද වනවිටත් ඒ අයුරින් ම පවතී.ගල් මත වරිච්චි බිත්තියෙන් ඉදිවී ඇති මෙම වී අටුව නිසාද ඇම්බැක්ක දේවාලයට අපූරු ගාම්භීර පෙනුමක් එකතු වී ඇත.
ඇම්බැක්කෙ
දේවාලයට නුදුරින් වූ වෙල්යායේ ගල්තලාවක් මත ඉදිකරන ලද පැරණි ගොඩනැගිල්ලක් ද
වෙයි.අද මෙහි දක්නට ලැබෙන්නේ ගල් කණු පමණි.දේවාලය සමඟ ඍජු සම්බන්ධතාවක් නොදැක්වුව
ද ඇම්බැක්කේ අම්බලම ලෙස හදුන්වන මෙම ගොඩනැගිල්ල තුළ ද,විවිද විසිතුරු කැටයම්
රාශියක් දක්නට ලැබේ.දේවාලය ගොඩනගන්නටත් පෙර 4වන බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකර
ඇති මෙම අම්බලම හුදෙක් රජතුමාගේ ප්‍රයෝජනය සඳහා යොදාගෙන ඇති බව සඳහන් වේ.
ආගමික
සිද්ධසථානයක් වශයෙන් පමණක් නොව,ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ කදිම ආදර්ශ රූපයක් වන
ඇම්බැක්ක දේවාලය ශ්‍රී ලාංකීය කලා ශිල්ප ඥානයත් හෙළ කලා කරුවාගේ කෘතහස්ථ භාවයත්
මුළු මහත් විශ්වයට ම කියා පාන කැඩපතක් යැයි කිව හැකි ය.
ඇම්බැක්කේ දේවාලය කලාකාමීන්ගේ අමන්දානන්දයටලක් වී තිබෙන්නේ එහි ඇති ලී කැටයම් නිසා ය.ප්රධානදේවාලයේ ඇති කණු 32ත්,වාහල්කඩයේ කණු 10ත්,අනෙකුත් ගොඩනැගිලිවල කණු සහ ගල් ටැම් ආදිය සරසා ඇත්තේ ලක්දිව අන් කිසිදු තැනක දක්නට නොලැබෙන තරමේ කැටයම් වලිනි.ඇම්බැක්කේ දේවාල කැටයම් ශිල්පියා ලෙස විශ්වාස කෙරෙන්නේ“දෙල්මඩ මුලාචාරීන්” ය.
කැටයම් පුවරුව
· වෘෂභ කුඤ්ඡරය
· කිඳුරු කින්නර කැටයම
· ගජසිංහ
· සැරපේඬියා
· ඇත්කඳ ලිහිණියා
· නයි පූට්ටුව
· මකර
· භේරුණ්ඩ පක්ෂියා
· අශ්වාරෝහක
· මල් වර්ග
· වෘක්ෂලතා
· ජ්‍යාමිතික රූප
· මල්ලව පොරය
· කිසිඹි මුහුණ
· ලී කෙළි ක්‍රීඩාව
· ඔළිද කොළම්බ
මෙම කැටයම්වල මූලික ලක්ෂණ හා ඒවා අධ්‍යයනය කරන විට පෙනීයන්නේ ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් යනු හෙළ කලාකරුවා සතු උසස් කලා කර්මාන්ත ,කලා කෞෂල්‍යන් මනාව විදහා දක්වන උත්කෘෂ්ට දේශීය කලා කෘතියකි.
✍️ශෂිනි දිල්හාරා
👍👍
ReplyDelete🔥🔥💜️
ReplyDeleteWow valuble letter continue writing goodluck 👍 ❤🔥
ReplyDelete👍👍👍
ReplyDelete👌👌👌❤️
ReplyDeleteGood
ReplyDeleteවටින ලිපියක්👌👌😊
ReplyDeleteImportant
ReplyDelete👍👍👍
ReplyDeleteඅපිට නැති කැටයම්.💛
ReplyDelete💛💛💛
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDelete💜💜💜
ReplyDelete👍❤
ReplyDelete👍👍
ReplyDeleteBest one
ReplyDeleteවටිනවා ❤️
ReplyDeleteවටිනවා ❤️
ReplyDeleteවටිනවා ❤️
ReplyDeleteBest😍
ReplyDeleteSuper 👍
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGG
ReplyDeleteGG
ReplyDeleteBest
ReplyDelete