කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔
Thappad" එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව මූලික කොට ගෙන නිර්මානය කරන ලද කතාවක්.ප්‍රධාන චරිතය අම්‍රිතා හෙවත් අම්මු, ඇගේ මව සන්ද්‍යා,නිවසේ මෙහෙකාරිය සුනීතා,නීතිඥ වරිය නේත්‍රා,අසල්වැසි නිවසේ ශිවානි, මේ කාන්තා චරිත හැම එකක් ගැනම අඩු වැඩි වශයෙන් තම ජීවිතයේ සිදු වී තිබේන,කල පරිත්‍යාගයන්,තම සිහින අන් අය වෙනුවෙන් යටපත් කර ජීවිතයේ ඉදිරිය්ට යෑම විවාහා ජීවිතය තුල ඔවුන්ගේ සතුට වී ඇත්තේ ස්වමියා,දූ දරුවන්ගෙ සතුට බව පෙන්වා දීමට අද්‍යක්ෂවරයා උත්සහා ගෙන ඇති බවත් ,එය සාර්ථක වී ඇති බවත් හැගීයයි.
වර්තමාන සමාජය තුල බිරිඳ කගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන අම්‍රිතාගේ චරිතය කෙබදුදැයි ෆිල්ම් එක බැලු අයකුට පැහැදීමක් ඇත.එය වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම යහපත් ,බිරිඳකගේ භූමිකාව ඉටුකරන අයුරු ත්,එක් අවස්තාව ක සිය සැමියාගෙන් ලැබෙන කම්මුල් පහරක් හෙතුකොට ගෙන ඈ බලාපොරොත්තු වූ ගවුරවය ,සතුට ක්ශනිකව බිදී යෑම ඈ හට විවහා ජීවිතයේ පැවත්ම එපා කරවන අයුරු පෙන්වා දෙයි.
සෙසු චරිත අතරින් මා සිත් ගත්තේ සුනීතා නම් මෙහෙකාරිය ගේ රන්ග භූමිකාවයි.දිනපතා සැමියගෙන් ගුටි බැට කන ඈ වන්නවුන් අප සමාජයේ කොතෙකුත් සිටී.එය තමන්ගේ ජීවිතයේ උරුම දෙයක් ලෙස ඈ සිතයි.එහෙත් අම්‍රිතා ගේ ඒක පුද්ගල ස්වාධීන සටනේදි ඈ ද සිය සැමියාට පහර පිට පහර දී පෙන්නවන්නේ කාන්තාවන් කෙදිනකවත් සැමියාගෙන් වුවද ,පහර කෑ නොයුතු බවයි.
නේත්‍රා නැමති නීතිඥ වරියද විවාහා ජීවිතයේ කල කිරී ඇති සේයාවක් පෙන්නුම් කරයි.
අල්ල්පු නිවසේ ශිවානි ලෙස රගන දියා මිර්සා ස්වාමිය නොමැති එහෙත් තම දියනිය සමග තනිව ජීවත් වන ස්වාධීන කාන්තාවකගේ භූමිකාව මැනවින් රග දක්වයී.ඒත් ඈටත් තම චරිතය තුල ඉටු කිරීම්ට තව දෙයක් තිබුනා නම් කියා සිතුනි.
සන්ද්‍යා හෙවත් අම්මුගේ මව රත්නා පාතක් සංවේදී චරිතයකින් අප හමුවට එන්නේ සාම්ප්‍රදායික මවගෙන් මිදී යම් තාක් දුරට ඇගේ චරිතය තුලද සානුකම්පික හැගීමක් ඉස්මතු කරවමිනි.එහෙත් ඇගේ ස්වාමියා නරක පුද්ගලයකු නොවන බැවින් ඒ පවුල සාමකාමිව රැකීඇති අයුරු පෙනේ.
▪️ඔබත් ඒ කම්මුල් පහරෙ වේදනාව දරන අම්‍රිතා කෙනෙක්ද..
▪️සැමියගේ තාඩන පීඩන සාමන්‍ය යි කියලා හිතන සුනීතා කෙනෙක්ද..
▪️කටුක විවහා ජීවිතයක් තුල ඔබ හොයන ආදරෙ අහිමි නේත්‍රා ද..
▪️ස්වාධීනව නැගී සිටීමට ,උත්සාහ කරන,තනිව ගමනක් යන ශිවානි කෙනෙක්ද
▪️නැතහොත් යහපත් පවුල් ජීවිතයක් තුල සතුටින් ආදරයෙන් සිටින සන්ද්‍යා වැන්නියක්ද..
අපි දැන් ජීවත් වෙන්නේ විසි එක් වෙනි ශතවර්ෂයේ. ලෝකය තාක්ෂණය වැනි බොහෝ දේවල් අතින් දියුණු වුණත් තවමත් අපි සමහර දේවල් සම්බන්ධයෙන් හණමිටි අදහස් දරනවා කියන එක බොරුවක් නෙවෙයි. කාන්තා අයිතිවාසිකම් සහ ගෘහස්ථ හිංසනය කියන්නේ ලොව පුරා නිතරම කතාවෙන මාතෘකාවක්. කාන්තා දිනයක් වගේම කාන්තා අයිතිවාසිකම් සුරකින සංවිධාන මහා විශාල ගණනක් තියන මේ ලෝකේ ඒ හැම දේකටම යටින් බොහෝ කාන්තා හිංසනයන් මේ මොහොතේදී පවා සිද්ධ වෙනවා කියන එක බොරුවක් නෙවෙයි. මුලින්ම කාන්තා හිංසනය සිද්ධ වෙන්නේ නිවසේදී. තමන්ගේ සැමියාගෙන් කාන්තාවන්ට හිංසාවන් සිදුවීම බොහොම සුලබ දෙයක්. නමුත් බොහෝ අවස්ථාවලදී කාන්තා හිංසනයන්ට අත දීම සහ නොසලකා හැරීම කරලා තියෙන්නේ කාන්තාවන් විසින්මයි කියලයි කියවෙන්නේ. තමන්ගේ සැමියාගෙන් පහර කෑම සාමාන්‍ය දෙයක් සහ එය සැමියාගේ අයිතියක් බව සිතන කාන්තාවන් තවමත් ලෝකේ ජීවත් වෙනවා.
මෙය නොදියුණු රටවල පමණක් නොව දියුණු රටවල පවා නිරතුරුවම සිදුවන ලෝක ව්‍යාප්ත පවතින ගැටලුවක්. සෑම සමාජයකම සෑම සංස්කෘතියකම දකින්නට ලැබෙන අවාසනාවන්ත කාරණාවක්. නමුත් තමා හිංසනයට ල්ක්වුණාද තමාගේ අයිතිවාසිකම් කඩවීමකට ලක්වුණාදැයි කාන්තාවන් නොදැන සිටීමත් මේ සඳහා නීතියේ පිහිට පැතූ විට නීතියේ ඇති හිදැස් නිසා කාන්තාවන්ට සහනයක් ලැබීම වෙනුවට සමාජයෙන් එල්ල වන අපවාද වලට මුහුණ පෑමට පවා සිදුවීම වැනි දේ නිසා බොහෝ හිංසන කාලයත් සමඟ වැළලී යනවා. නමුත් කාන්තාවන් තමන්ට සිදුවන හිංසාවන් උදෙසා නැගී සිටිය යුතුයි වගේම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.